අව්රුද්ද, වසර සහ අපි.

2013 ගැන බොහෝදෙනා උද්දාමයට පත්ව ඇති අද දින අව්රුද්ද වසර සහ ඒ හා සම්බන්ධ කාරණා ගැන මාගේ ආදහස සනිටුහන් කිරීමට තීරණය කලෙමි. මෙය මෙයට කලින් මා විසින් ලියන ලද “සමරමු අපි නත්තල්” ලිපිය හා සමාන විවරණයක් බව කලිතියාම සනිටුහන් කිරීම යුතු ය.

මුකින්ම අපි අව්රුද්ද යන්න කිමෙක් දැයි සලකා බලමු. බොහෝ දෙනා සලකන්නේ අව්රුද්ද යන්න වසර හා සමානාර්ථ යෙදුමක් ලෙසය. නමුත් එය එසේ ලෙස අපි නොදකිමු. අව්රුද්ද යන්න සංස්කෘතයේ එන “අවුර්" පදයෙන් බිදී එන්නකි. අවුර් යනු සූර්‍යයා හැදින්වීමට යෙදුනු පදයකි. ආදිත්‍යා යන්නද මෙයටම සමාන අර්ථයක් වේ. අවුර් + ඉද්ද යන්න සූර්‍යයා කෙලින් පිහිටනවා,  සූර්‍යයා හිස මුදුන් වෙනවා යන්න හැදින්වීමට වෙදුන ව්‍යවහාරයකි. එනම් අව්රුද්ද යන්න යම් සිද්දියකි. එම සිද්දිය දින 365ක් තුල දෙවරක් සිදුවේ. පළමු වරට මෙම සිද්දිය අප්‍රියෙල් මාසය තුළදීත්, දෙවන වරට ඔක්තෝබර් මාසය තුළදීත් ආදී වශයෙනි ඒ.

පුරාතන සිංහලයෝ (සිව්-හෙළයෝ)  සූර්‍යය භක්තිකයන් වූ බව පැහැදිලි කාරණයකි. භාෂාව තුල අදත් ව්‍යවහාර වන “ආදිතමයා" – “ආදී කාලයේ" යන්න, ආදිත්‍යා ගෙන් පවත එන නොහොත් ආදිත්‍යා විසූ කාලයේ යන යෙදුම් වලිනුත්,  සූර්‍යය මංගල්ලය, අවරුදු කුමාරයා හිරු ගෙන් හුවා දැක්වීම සහ අදටත් බොහෝදෙනා කතා කරන “ඉර සේවය නැරබීම" යන්න මෙම කාරණය සම්මත කිරීමට ඇති නොසලකා හැරිය නොහැකි සාධක වේ. පුරාණ සිංහලයෝ ආදිත්‍යාට නෑකම් කියූ බවර, නොහොත් පුරාතන සිංහලයා  සූර්‍යය වංශිකයන් වූ බවට තවත් සාධක අවශ්‍ය පමණ ගෙනහැර දැක්විය හැක. ඉඳින් සිංහලයා හිරු මුදුන් වීම හෙවත් අව්රුද්ද සැමරීම පුදුමයට කාරණයක්ද?

බක් මස අස්වනු නෙලාගනීමේ උත්සවය සහ අව්රුද්ද යන දෙකම එක්කර සොභාග්‍ය සංකේතවත් කරන සිංහල අවරුදු උත්සවය නිර්මාණය වූවේ මේ කාරණය පදනම් කරගෙන බව මාගේ තද බල විශ්වාසයි. දෙවන අව්රුද්ද හෙවත් ඔක්තෝබර් මස සැමරීම සිදු නොවන්නේ අස්වනු දෙවන කන්නයේ අස්වනු නෙලීම දෙසැම්බර් මස සිදුවන නිසා විය හැක. අප විසින් මතක තබාගතයුතු කාරණය වන්නේ පුරාතන සිංහලයන් ගොවි කමින් ජීවත් වූවන් වූ හෙයින් ඔවුන්ගේ සොභාග්‍යවත්ම කාලය අස්වනු නෙලීමේ කාලය වූ බවයි. තවද ලොවපුරා සැරිසරන හිරු කුමරු අප බැලීමට එන කාලය ලෙස ඉරු හිසට කෙලින්ම ඉහලින් පායන කාලය තොරගැනීමත්, එදිනදී හිරු කුමරුගේ ආගමනය සැමරීමත්, තම අස්වනු නිසි පරිදි ලැබීමට “හිරු" කුමරුගෙන් ලැබුණු අනුග්‍රහයට කෘතගුණ සැලකීමත් වශයෙන් හිරු කුමරු පිදීම සිදු කිරීමත් ගැන අපගේ පැරැන්නන්ට දොස් නැගිය යුතු නොවේ.

වැදගත්ම කාරණය නම් ජනවාරි පළමුවෙනිදා අව්රුද්ද නොවන බවය.

මීලඟට අපි වසර ගැන කතා කරමු. වසර හෙවත් වර්ෂය යන්න යම් සිදුවීම් දෙකක් අතර කාල පරිච්චේදය හැදින්වීමට යෙදෙන පදයයි. මෙය හැමවිටම දින 365 ම නොවේ. සංස්කෘතයේ එන “වර්ෂ" යන්නත් ලතින් භාෂාවේ එන “Annus” යන්නත් යුරෝපයේ බොහෝ භාෂාවන් හේ තිබුණු “year" පදයට සමානාර්ථ පද සියල්ලමත් මෙම විවරණය හා එකඟ වේ. වර්ෂ, නැත්නම් year, එසේත් නැත්නම් Annus (Annuam යන්නට මාතෘ වූ පදය) සිදුවීම දෙකක් අතර කාලයි. නැත්නම්, පුරාණ සිංහල ක්‍රමයට අනුව අවරුදු දෙකක් අතර කාලයයි. එසේ නම් වසර පටන් ගන්නේ අවුර් ඉද්දෙණි. නව අවසර පටන් ගන්නේ අවුරුද්දට පසු දිනයෙනි. ජනවාරි පළමු වෙනිදා ගෙන් නොවේ.

කාරණා කාරණා මෙසේ වනවිට අව්රුද්ද යන්න කුමක්ද යැයි පැහැදිලි වේ. නමුත් තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ සිංහල අලුත් අව්රුද්ද, හින්දු අලුත් අව්රුද්ද යනු එකක් නොවන බවය. සිංහල අලුත් අව්රුද්ද සූර්‍ය මංගල්‍යයි. එය සූර්‍ය කේන්ද්‍ර උත්සවයකි. නමුත් හින්දු අලුත් අව්රුද්ද ගණිතමය පදනමකින් යුතු පෘතුවිය සූර්‍යයා වටා සම්පූර්ණ වටයක් නිම කිරීම (මෙහිදී ගණිතය යන්නෙන් අදහස් කලේ ජ්‍යෝතිෂ්‍ය බව මතක් කරනු කැමැත්තෙමි) මත පදනම් වූවකි. (සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම). මෙය ඉන්දියාව තුල ඇතිවී එහි තිබූ අග්නි හෙවත් ගිනි දෙවියා පිදීම සංකල්පයෙන් පෝෂණය වී (ලිප ගිනි නිවීම, ලිප ගිනි දැල්වීම, කිරි ඉතිරවීම, කාන්තාවන්ට අකැප වීම යන්න තදබල හින්දු සංකල්ප බව නොරහසකි.) මෙය හින්දු අලුත් අව්රුද්ද මිස සිංහල අලුත් අව්රුද්ද නොවේ. මේ දෙක සංකල්ප දෙකක් වන අතර දින දෙකකට යෙදී ඇත. සංකල්පමය වශයෙන් වෙනස්වන මෙම සිද්දි දෙක අද සිටින බොහෝදෙනා පටලවාගෙන සිටීම දුකට කාරණයකි. පුරාණ සිංහලයා සමරුවේ සිරු මුදුන් වීමයි. හින්දුන් සමරුවේ සූර්‍ය සංක්‍රාන්තියයි.

නමුත් මේ දෙකින් එකක්වත් ජනවාරි පළමු වෙනිදාට යෙදී නැත. එදිනට යෙදී ඇත්තේ සීසර්ලාගේ උගුලයි. අප වැටී ඇත්තේ එම උගුලේයි. එය අපට කිසිසේත්ම අදාළ නොවන බව සක් සුදක් සේ පැහැදිලිය.

බුද්ධ වර්ෂ, ශකරාජ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ව්‍යවහාර වර්ෂ සහ මුදල් වර්ෂ ගැන පසු දිනෙකට කතා කිරීමට ඉතිරි කරගමි.

මාගේ මෙම සංකල්ප කෙරෙහි ඇති යෝජනා සහ චෝදනා භාරගැනීමට ඉතා සිතින් සතුටු වන බව දන්වනු කැමති අතර, මගේ සංකල්ප නිවැරදි කිරීමට යමෙක් ඉදිරිපත් වෙන්නේ නම්, ඔවුන් කල්‍යාන මිත්‍රයන් වශයෙන් ම සලකන බව නැවතත් සඳහන් කරමි.

 

තෙරුවන් සරණයි

නිසල ආලෝක බණ්ඩාර.

සමරමු අපි නත්තල්…

බොහෝ දෙනා නත්තල ගැන කතා කරන මේ දිනවල නත්තල ගැන ලිපියක් ලියා මාගේ සටහන්පොත නැවත ආරම්භ කිරීමට සිතමි.

නත්තල බොහෝ දෙනාගේ වසරේ ප්‍රියතම කාලය බවට පත්වීමට හේතු කාරණා කිහිපයක් ගැන මුලින් ම කතා කිරීමට සිතමි. දෙසැම්බර් මාසය බොහෝ දෙනාට බොහෝ සතුට ලැබෙන කාලයකි. බොහෝ දෙනාට ප්‍රසාද දීමනා සහ අමතර දීමනා ලැබෙන මේ කාලයේ කිතුනුවන් නොවන අප පවා යම් දේ මිලදී ගැනීම, විනෝද සවාරි යාම, සාදයන් පැවැත්වීම ආදී කටයුතුවල යෙදීම නොරහසකි. ශීත ඍතුවේ උපරීම කාලය එලබෙන දෙසැම්බර් අවසාන භාගයේ මීට සියවස් ගණනකට පෙර පවා රැකියා කරන්නවුන්ට නිවාඩු ලබාදීමේ සම්ප්‍රදාය ඇති වූයේ ආගමික බලපෑම මත නොව සම්පූර්ණයෙන්ම දේශගුණික තත්ත්ව මත බව පැහැදිලිය. මෙම පුරුද්ද පුරාණ ඊජිප්තුවේ සහ රෝමයේ දක්නට ලැබුනු බව සිහි කැඳවීමට කැමැත්තෙමි.

නත්තල සංකේතවත් කරන ප්‍රධාන කරුණු තුන පිළිබඳව මොහොතකට විමසා බලමු. මින් ප්‍රථම කාරණය වන්නේ Christ of Jesus ගේ උපන් දින සැමරුමයි. මේ පිළිබඳව ඇති තර්ක විතර්ක පිළිබඳව බොහෝ දෙනා නොදන්නවා විය හැක. නමුත් සැබෑ Christ of Jesus ගේ උපන්දිනය සැප්තැම්බර් මසට යෙදී ඇති බවට නොසලකා සිටිය නොහැකි සාධක මතුවී තිබේ. මෙතන කියවන්න, මෙතන, මෙතන, මෙතන මෙයට සාධක වී ඇත්තේ තාරකා විද්‍යාත්මක සාධක සහ Luke සටහන් පදනම් කරගෙන බව මා විසින් කියවා ඇත. මෙයටත් වඩා ම සිත ගත් කාරණය වන්නේ  කිතුනුවන්ට සැමරීමට කියා ඇත්තේ Christ of Jesus ගේ මරණයෙන් නැගී සිටීම පමණක් වීමයි. මේ අනුව දෙසැම්බර් 25 දිනය සැමරීම හුදෙක් සාම්ප්‍රදායක් පමණක් බවට තීරණයක් ගැනීම අපහසු නොවේ. සැබෑවටම සිදුවී ඇත්තේ උපන් දින උත්සවය ඒ වනවිටත් ඇතිවී තිබුණු ශීත ඍතු සැමරුම  (ඉහත විස්තර කරන ලදී) සමඟ ඒකාබද්ධ කිරීමයි. සැබෑ කරුණ නම් දෙසැම්බර් 25 Christ of Jesus ගේ උපන්දිනය බව සැලකීම සම්ප්‍රදායක් සහ මිත්‍යාවක් පමණක් බවය.

දෙවැනි කාරණය වන්නේ නත්තල් ගස වේ. ශිත ඍතුවේ බොහෝ ගස්වල කොළ හැලි යන නමුත් පයින් යන ශාකවල එසේ නොවේ. පුරාතන ජර්මනිය, ඊජිප්තුව, චීනය වැනි රටවල මෙවන් සදාහරිත ශාක ශීත ඍතුව තුළදී සැමරීම පුරුද්දක් වශයෙන් සිදු විය. මෙම ශාකවල සදාහරිතභාවය සහ සියලු සැප සම්පත් ලබාදේ යැයි සලකන “Tree Of Life”(කප්රුක) සංකල්පය යන සියල්ල එකතු වී සදාහරිත ශාකයක් විවිධ දේ වලින් සරසා ශීත ඍතු උත්සවයේ කොටසක් බවට  පත්කර සැමරීම මුලදී කිතුණු ආගමට සම්බන්ධයක් නොදැක්වීය. මෙයට හේතුව වූයේ මෙම සංකල්ප සියල්ල කිතුණු ආගමට වඩා පරණ වීමයි. ඉහත සදහන් කල පරිදි ශිත ඍතු උත්සවය නත්තල් සංකල්පය සමඟ ඒකාබද්ධ වීම සමඟ අද අප දක්නා නත්තල් ගස බිහි විය. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ කප්රුක යන්න හින්දු ආගමික සංකල්පයක් වීමයි.

තුන්වෙනි කාරණය වන්නේ නත්තල් සීයා හෙවත් “Santa Claus”ය. මෙම සංකල්පය 19 වන ශත වර්ෂයේ බිහි වූ පසුගිය ශත වර්ෂ දෙක තුලදී විවිධාකාරයේ වෙනස් වීම්වලට භාජනය වී පැවතෙන්නෙකි. මෙම සංකල්පයට මුල වන්නේ ක්‍රිස්තුවර්ෂ 4වන  සියවසේ ග්‍රීසියේ වාසය කළා යැයි සැලකෙන නිකලස් නමැති ශාන්තුවරයා ගේ දුප්පතුන්ට තෑගි ලබාදීමේ පුරුද්දයි. නිකලස් ශාන්තුවරයා එකල දුප්පත් පවුල්වල සිටි ගැහැණු දරුවන්ට විවාහ වීමට අවශ්‍ය දායාද ලබාදී ඔවුන් විවාහ කරවා, ඔවුන් වෛශයාවන් බවට පත්වීම වලක්වාලූ බව තවත් ප්‍රසිද්ධ පුරාවුර්තයකි. මෙම සංකල්පය ජර්මන් සංකල්පයක් වූ තෝර් දෙවියන්ගේ පියා ලෙස සැලකු ඔඩින් දෙවියන්ගේ මුහුණ, සහ ඔහුගේ ලක්ෂණ මගින් පෝෂණය වූවක් විය. නමුත් මෙම “Santa” සංකල්පය   Christ of Jesus ට වත් කිතුනු ආගමටවත්, එහි එන දේශනාවන්ටවත් මූලිකව සම්බන්ධ නොවේ. “Santa” සංකල්පය 20 වන ශත වර්ෂයේ එංගලන්තයේ තිබුණු “Gift Giver” සංකල්පයෙන් තවදුරටත් පෝෂණය වූ බවට පැහැදිලි සාධක තිබේ. 1930 පමණ “Santa Claus is coming to town” ගීතය ජනප්‍රිය වන තුරු මෙම සංකල්පය මේ තරම් ප්‍රසිද්ධ වී තිබුණු බවට සාක්ෂි නොමැත.

මෙම කාරණා සියල්ල සලකා බලන විට දෙසැම්බර් මස හා සම්බන්ධව පවතින මූලික සංකල්ප සියල්ල කිතුණු ආගමෙන් බාහිර දේ වන අතර මෙයට කිතුණු භාවය බලෙන් පටවා ඇති බව මට සිතෙයි. නත්තල යන්න මට ගම්‍ය වන්නේ පුරාතන සම්ප්‍රධායක් වූ “ශීත ඍතු උත්සවය” මත වෙනස්කරන ලද, කිතුණු බවට පත්කරන ලද සංකල්ප තවරා නිර්මාණය කරන ලද උත්සවයක් බවයි. නමුත් සුළු අධ්‍යනයකින් පවා මෙහි සැබෑ ස්වරූපය හඳුනාගත හැකිවීම ඔබ අප සැමගේම භාග්‍යයක් ලෙස සැලකිය යුතුය.

මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වන්නේ කාරණා කාරණා පිළිබඳව පැහැදිලි කරදීම මිස වෙන කිසිම අරමුණක් නොවන බව අවධාරණය කිරීමට කැමැති අතර මෙයින් යම් කිසිවකුගේ සිත් රිදවීමක් සිදුවීනම් සමා කරන ලෙස ඉල්ලා සිටිමි. මෙයට අමතරව මෙම කාරණා පිළිබඳව මෙයට වඩා අර්ථ දැක්වීම් හෝ නිවැරදි කිරීම් කළහැකි කිසිවෙක් වේ නම් මා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

නිසල ආලෝක බණ්ඩාර.

පුනුරුප්පත්තිය සහ පුනර්භවය පටලවාගෙන සිටින අයට…

බුද්ධ දේශනාවේ එන පුනර් භව සංකල්පය විමසාබැලීම වැදගත්වේ යි මසිතට නැගුනු චේතනාවක් මෙම ලිපිය ලිවීමට හේතු කාරණා වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. මෙම එකිනෙකට පරස්පර විරෝධී සංකල්ප දෙක වර්තමානයේ බොහෝ දෙනා පටලවාගෙන, විවිධ වැරදි දෘෂ්ටි අත්කරගෙන, සිතින් පව් කරගනිමින් සිටිති.

සියල්ලටම පෙර පුනුරුප්පත්තිය කුමක්දැයි විමසා බලමු. මෙම සංකල්පයේදී විමසා පවසන්නේ යම්කිසි සත්වයෙක් මරණයෙන් පසු නැවතත් යම තැනක ඉපදෙන බවය. එනම්, මෙම සත්වයන් දෙදෙනා වෙනත් කාලයන්ට අයත් වූවත් එකම සත්වයෙකු බවය. පෙර සිටි සත්වයා කල දේ අනුව ඔහු නැවත උපදින තැන තීරණය වේ. ඇතැම් විට මනුෂ්‍යයෙකු මියගොස් බල්ලෙකු වී ඉපදීමට මෙම සංකල්පය ඉඩ දේ. නියමිත ජීවිත කාලය තුලදී ශරීර ස්වභාවය මනුෂ්‍යයෙකු වුවත්, පූසෙකු වුවත්, පනුවෙකු වුවත්, සිටින්නේ එකම සත්වයෙකි. බැලූබැල්මට මෙම සංකල්පය ධර්මයේ එන ජාතක කතා සමග මනාව ගැලපේ. බොහෝ බෞද්ධයන් මෙම වැරදි සංකල්පයේ පැටලෙන්නේද මෙම ස්වභාවය නිසාය. මෙම සංකල්පය හේතුවෙන්, මෙම සියලුම ජීවිත වලට පොදු දෙයකුත් (ආත්මය), එය අවකාශයේ සැරිසරන ආකාරයකුත් (මනෝ කාය), ජීවිත දෙකක් අතර ඉඩ පරාසයකුත් (අන්තර භවය) යන බොහෝ වැරිදි සංකල්ප බිහිවී තිබේ.

එසේනම් පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?

මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි.  දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.

පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙන ඇතිවන චුති සිතයි. එය දැල්වීමට සුදුසුකම් සපුරා ඇති ගැලපෙන පහනක්‌ දල්වාලයි.

පුනර්බවය තුල මෙම හේතු නිසාම අන්තරාභවයක් නොපවතී, අවකාශයේ හැසිරෙන මනොකායක් ද නොපවතී, භවයෙන් භවයට ගමන කරන ආත්මයක් ද නොපවතී. පවත්නා එකම දෙය කර්ම-පළ සම්භන්දය පමණි.

මේ අනුව, පුනර්බහවය සහ පුනුරුප්පත්තිය අතර ඇති පරස්පරතාවය හංසයන් දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් වෙන්කර ගැනීමට ධර්මය තුලින් විමසා පැහැදිලි කරහනීමට, හැකිය….

තෙරුවන් සරණයි.

~~~~~~~~~~~~~~~

නිසල ආලෝක බණ්ඩාර.

බුද්ධ ධර්මය සහ බුද්ධාගම පටලවාගෙන සිටින අයට…

බොහෝදෙනා සිතන්නේ බුද්ධ ධර්මය නමින් හදුන්වන්නෙත්, බුද්ධාගම කියා හඳුන්වන්නේත් එකක් ලෙසය. නමුත්, අවාසනාවකට මෙන් මෙය එකක් නොවේ. අද බොහෝදෙනා ධර්මයේ නාමයෙන් නොමග යන්නේ මෙම භයානක පටලැවිල්ල නිසාය..

ධර්මයෙහි සහ ආගමෙහි ඇති වෙනස මින් පෙර මා විසින් විශ්ලේෂණය කර ඇත. (කරුණාකර එම ලිපිය කියවන්න). එම විශ්ලේෂණය නැවත සදහන්කිරීමට මට සිතක් නැත. බමුත් එම විෂයෙහි ලා, බුද්ධාගම සහ බුද්ධ ධර්මය ගැන යමක සදහන් කිරීම වටී යැයි මට සිතේ.

බුද්ධ ධර්මය යනු බුදුන් වහන්සේ විසින් තේරුම කරන්නට යෙදුනු සංස්කාරයන්ගේ ස්වභාවයි. ධර්මය අවබෝධ කිරීමට වෙහෙසෙමින් එම මාර්ගයේ ගමන කරන අයෙකුට බුදං වහන්සේ පෙනෙන්නේ දයාවත් පියෙකු, ආදරණීය ගුරුවරයෙකු ලෙසය. ධර්මය පිලිබඳ අධ්‍යයනයෙන් සංස්කාරයන් පිළිබඳ අවබෝධය කෙමෙන් පුද්ගලයෙකු වෙත ලැබේ. එයින් ලෝකය “හේතු-පළ” වශයෙන් සම්බන්ධවී ක්‍රියා කරන ආකාරයත් එම ක්‍රියාකාරිත්වය තුල සත්වයන්ගේ පැවැත්මත් පිළිබඳවත් අතැඹුලක් ලෙස අවබෝධ වේ. එතනිනුත් නොනැවතී එම අවබෝධය මත පදනම්ව සන්ස්කාරයන්ට බලපෑම් කිරීමේ හැකියාවත්, (මාර්ග ඵල) සංස්කාරයන් පාලනය කිරීමේ හැකියාවත් ( ධ්‍යාන), අවසනදී ස්වකීය සංස්කාරයන් නැවත දැමීමේ හැකියාවත්  (නිවන) ලබාගැනීමට පුද්ගලයෙකුට හැකිවේ.

මෙම සම්පුර්ණ ක්‍රියාවලිය තුලම පුද්ගලයා දියුණු කරගන්නේ ස්වකීය ඥානයයි. බුදුන් වහන්සේගේ කාර්යය භාරය වනුයේ නිවැරදි මග පෙන්වීමයි. සංඝයාවහන්සේ ගේ වගකීම මගපෙන්විමයි. (චතුර් ආර්යය ධර්මය හැර වෙනත් දෙයක් දේශනා නොකරන ලෙසට බුදුන් වහන්සේ දුන් අවවාදය බොහෝ දෙනා ස්වකීය වාසියට වලදමා තිබෙන බවක් පෙනේ.)

බුද්ධ ධර්මය එසේ නම, බුද්ධ ආගම යනු කීම?

මාගේ පුද්ගලික අවබෝධයට අනුව (ම වැරදි වීමට බොහෝ ඉඩකඩ ඇත, මේ පිළිබඳව දන්නා පින් ඇත්තෝ මාව නිවැරදි කරත්වා…!) අද බොහෝ දෙනා පුරුදු පුහුණු කරන්නේ බුද්ධගමයි.  “පෝයට” පන්සල් යාම, “සුභ” කටයුතු වලට පෙර “බෝධි පූජා” තැබීම, “ස්වාමින් වහන්සේ ලවා” “නැකත්” සාදව ගැනීම, “ශාන්ති කර්ම” කිරීම මේ ආදී බොහෝ දේ චතුර් ආර්යය සත්‍යය තුඅල දේශනා නොවේ. “දුක” නැති කිරීමට කල යුතු දෙය ලෙස බුදුන් වහන්සේ අනුමත කලේ බෝධි පූජාව නොවන බව මත කරනු කැමැත්තෙමි.

අද බොහෝ දෙනා පුරුදු පුහුණු කරන බුද්ධාගමට අනිත් ආගම වලට ඇති ලක්ෂණ සියල්ලම පාහේ ඇත. බුද්ධ වන්දනාව අද සිදු කරන්නේ නව අරහාදී බුදුගුණ පිලිබඳ අවබෝධයෙන් නොවේ, එක්කෝ පරම්පරාවෙන් එන බැවිනි, නැතිනම්, අනුන් කරන බැවිනි. මේවා ආගමික ලක්ෂණ හැර වෙන කිසිවක් නොවේ. අද බෞද්ධයා 95% පමණ කරන්නේ වන්දනවයි. පුහුණු කිරීම සිදු කරන්නේ 5%. මේ ආගමයි. ධර්මය නම අවබෝධ කල යුත්තකි, පුහුණු කල යුත්තකි. ධර්මය තුල පවතින විමසීම (ඒහි පස්සිකෝ ගුණය) බුද්ධාගමේ නැත. ඇත්තේ ඔහේ බුදු පිළිම වලට වන්දාගන යාම පමණි. ධර්මය දැකීමක් නැත, එනිසාම බුදුන් දැකියනොහැක. දැක්ක හැක්කේ ගල පිළිම සහ බෝල පිළිම පමණි.

අද බෞද්ධයන් “භාර හාර වීම”, “වෙලාවල් බැලීම”,”ශුභ-අශුභ” ලකුණු බැලීම, තව බොහෝදේ කරති. දේව වන්දනාව කරති, දේවාල ගන්නේ බදගාති. ඇතැම් චීවර ධාරීන් මෙයට අනුබලද දෙති. බුදුන් වහන්සේ අපට ධර්මය දේශනා කලේ දේව රුප ලෙස සලකාගන්නා මිනිස්/තිරිසන් රුප ඉදිරියේ බද ගෑමට නොවේ. දෙපයින් නැගී සිටීමටයි. මේ සියල්ල පසුකාලීනව ඇතැම් අය අපගේම විනාශයතකා ව්‍යාප්ත කරන ලද “බුද්ධාගමයි”

 

බුදුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයින් තව බොහෝ කලක් සුළුවෙන් හෝ වාසය කරනු ඇත. එම ශ්‍රේෂ්ටයින් පිරිසිදු බුදු දහම හැකිතාක් කල ඉදිරියට ගෙනයනු ඇත. අප විසින් කල යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයි. එසේකරන්නා බුද්ධ ධර්මයත් එය වසාගෙන සිටින බුද්ධාගමත් හංසයන් කිරෙන් දිය වෙන්කරගන්නක් මෙන් වෙන්ව දකිනු ඇත. නිසි මග යනු ඇත. සිය සසර මග කෙලවර අමා මහා නිවන් සැප නොබෝ කලකින්ම අවබෝධ කරගන්නවා ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

~~~~~~~~~~~~~~~

නිසල ආලෝක බණ්ඩාර.

මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට!

බුදුන් වහන්සේ නමකගේ පහළවීම ඇති දුලබය. ඝාම්භීරය. අති උත්තමය! උන්වහන්සේලා  සත්වයන් දුකෙන් මුදවලති, ත්‍රී සහශ්‍රි ලෝක ධාතුවම ආලෝකවත් කරති. එනමුත් උන්වහන්සේලා අති දුලබ වෙති!.

ඉතාමත් මෑත දිනක තමන් මෛත්‍රී බුදුන් ලෙස හදුන්වගන්නා අයෙකු ගැන අහඹු ලෙස මටද දැනගැනීමට ලැබුණි. අනුන්ගේ දේ සෙවීම අපට තරම් නොවෙතත්, මේ පිලිබඳ අවබෝධයක් අපට දැනටමත් ඇතත්, හුදී ජන පහන සංවේගය උදෙසා මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා අනුව යමින් අපට මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ලොව පතලවන කාල වකවානුව පිළිබඳවත් පැහැදිලි ඉඟි මතුකරගත හැකිය.. බුදුන් වහන්සේලා ඔබේ මගේ උවමනාවට පහල නොවෙති, ඇතැම් රුපවාහිනී නාලිකා වලට උවමන පරිදි පහල නොවෙති, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට උවමන පරිදි පහල නොවෙති. උන්වහන්සේලා පාරමිතා සම්පුර්ණවී නිසිකල එලම්බිවිටම පහළවෙති. ඒ ගැන හරියටම කිව හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණි.

සක්වල විභංගයට අනුව මනුෂ්‍යයාගේ උපරිම ආයු කාලය වසර 10E140 තරම් වේ. අවමය වසර 10කි. මෙම අවමය නිමාවට පත්වන්නේ ලෝක විනශයෙනි. ඉදිරියට පැමිණෙන ලෝක විනාශය “මුරුගසන් වර්ෂාවෙන්” ඇරඹෙන බව අනාගත වංශයෙහි දැක්වේ. ඉන් පසු ඉතිරි වන අල්පයක් මනුෂ්‍යයන් කෙමෙන් කෙමෙන් දුසිරිතෙන්, පවෙන් දුරුවීම හේතු කරගෙන ආයුෂ කාලය එක් පරම්පරාවකට වසර 10 බැගින් වන වේගයකින් වැඩිකරගනී. ඉන්පසු මෙය ඉහත සදහන් උපරිමය දක්වා ළඟාවේ. නැවතත් කෙමෙන් දුසිරිතය ළඟාවීම නිසා මෙය පරම්පරාවකට වසර 10 බැගින් අඩුවීමට පටන්ගනී. ඉඳින්, ආයු කාලය වසර 80,000 පමණ දක්වා අඩුවූ කල, මෙතේ බුදුන් ලොව පහල වේ!. අප දන්නා ගණිතයෙන් නම් මේ සදහා තව වසර 10E238 ට අසන්න කාලයක් තිබේ.  එක් බුදුවරයෙකුගේ ධර්ම රාජ්‍යයක් පවත්නකල, ඒ තුලම තවත් බුදුවරයෙක් පහල නොවේ. එය ධර්මතාවයකි. බුදුන් වහන්සේ නමක් සිය අණසක පවත්වන ත්‍රී සහශ්‍රි ලෝකධාතුව තුලම අන් බුදුවරයෙකු පහල නොවේ. අද ඊයේ දහම් මාවත පිළිපන් දරුවෙකු පවා දන්නා කරනා වෙති මේ. පුදුමයට කාරණය නම්, තමන් මෙතේ බුදුන් යයි හදුන්වගන්න අය මේවා නොදැනීමය.

මේ කරුණු හෙළිවන්නේ ධර්මය පරිහරණය කරන පිරිසටය. දන්නෝ දනිති!. නොදන්නෝ, මුලාවේ වැටෙති. මිසදිටු අදහස් වල ඇලෙති. මාර බලපෑමට හසුවූ පෘතජනයෝ මෙවන් අබූත සංකල්ප මවා අසරණ ජනයා මුලාවේ හෙලති. පව් කරගනිති, නිරයේ වැටෙති!

 

තෙරුවන් සරණයි.

~~~~~~~~~~~

නිසල ආලෝක බණ්ඩාර.

ධර්මය, දර්ශනය සහ ආගම පටලවාගෙන සිටින අයට!

ආගම

බොහෝ දෙන පවසනුයේ “බුද්ධාගම” “ආගමක් නොව” “දර්ශනයක්” බවය. මෙසේ පවසන බොහෝ දෙනා ආගම කිමද, දර්ශනය කිමද, ධර්මය කිමද යන්නවත් නොදනිති. එසේ දනිති නම් මෙසේ නොකියති!

ආගම් ලොව බහුලය. ආගමක් හදුනාගතහැකි ප්‍රමුකතම ලක්ෂණය වන්නේ “අහේතුක විශ්වාසයි”, “අන්ධ භක්තියි”. ඒ තුල ඇත්තේ “පිළිගැනීම” මිස විමසීම නොවේ. අගම විසින් උගන්වන දේ එලෙසින්ම පිළිගත යුතුය. හොදම උදාහරණ වන්නේ ඉස්ලාම් අගම, කතෝලික අගම, හින්දු ආගම ආදී ආගමය. මේවා තුල භක්තිකයන් තුලට කිඳා බස්වන ලද සංකල්ප අඩු නොඅඩුව ඇත. “දෙවියන් විසින් ලෝකය හා සත්වයා නිර්මාණය කිරීම”, “සියල්ල දෙවියන්ට අනුව සිදුවීම”, “තම සුද්ධවූ ග්‍රන්ථයේ නිවැරදිබව” ආදිය උදාහරණ ලෙස ගත හැක. මෙවන් සංකල්ප අබියෝගයට ලක්කිරීම තහනම් කාරණයක් වීම ආගම් හදුනාගැනීමට භාවිත හල හැකි තවත් එක ලක්ෂණයක් පමණි. සරලවම කියතොත් ආගමක තුල ඇත්තේ අන්ධ භක්තියක් පමණි. එහි එන කාරණා වල නිවැරදි බව වැරදි බව විමසීමට ඉඩක් නැත. එය “මහා පාප කර්මයකි”

දර්ශනය

අනෙක්  කාරණය නම් දර්ශනයි. දර්ශනය ආගමකින් වෙනස්වන්නේ, දර්ශනය තුල පවතින විමසීමේ හැකියාව හේතුවෙනි. අන්ධ භක්තිය වෙනුවට විද්‍යාත්මක පසුබිමකින් හත්ව නිර්මාණය වීමකි. දර්ශනයක් පසුබිම් වන්නේ පවත්නා ද්‍රව්‍යාත්මක දේ සහ එහි හැසිරීම පිලිබන්ධව යම් පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් කරන ලද විමර්ශනයක් මතය. දර්ශනයක් තුල පවතින ඇතැම් කරුණු නිවැරදි විය හැක, වැරදි විය හැක. තම වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දර්ශනයකට හැක. ආගමකට මෙම ලක්ෂණය නැත. එය භාහිර අදහස් නොඉවසයි.

දර්ශනයක ඇති ගැටලුව වන්නේ එය එහි නිර්මාපකයන්ගේ සංකල්පයක් බැවින් එය තම නිර්මාපකයන්ගේ දැනුමේ සීමාව තුල කොටු වීමයි. දර්ශනයක් තුල ඇති මෙම අසම්පුර්ණ බව නිසා එය තවත් දර්ශන සමග ගැටීම වලට ලක්වේ. එමෙන්ම එකම සංකල්පයක් තවිස්තර කිරීමට දර්ශන එකකට වැඩ පැවතීමට ද හැකිය. මෙය සිදු වන්නේ එක් එක් දර්ශන වල නිර්මාපකයන්ගේ බුද්ධි ප්‍රමාණය වෙනස් වීම මතය.

මෙවන් තත්වයක් යටෙතේ දර්ශන පිළිගැනීම භයානක විය හැක.

ධර්මය

ඉඳින්, ධර්මය යනු කිමද? ධර්මය යනු සංස්කාරයන්ගේ ස්වභාවයි. මෙහිදී සන්ස්කාරයන් යනු පවත්නා දේ ලෙස සරලව ගත හැක. එනම් ධර්මය යනු, පවත්නා දේ හි හැසිරීම් රටාවයි. එය යම් කිසිවකු විසින් නිර්මාණය කරන දෙයක් නොවේ. ධර්මය තුල විස්තර කෙරෙන්නේ “ජාති”, “ජරා”, “මරණ” යන සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂනයි. මෙය බුදුන් වහන්සේගේ දර්ශනයක් නොවේ. මෙය බුදුන් වහන්සේ ලෝකය දුටු ආකාරය ලෙස ගත නොහැක. මෙය විස්තර කිරීමට ඇති ආසන්නතම වචන වනුවේ, “සොභාදහමේ සත්‍ය හැසිරීම” යන්නයි. මෙය කිසිවකු හෝ පිරිසක් විසින් ප්‍රබන්ධ කරන ලද දෙයක් නොවන නිසා සියලුම සන්ස්කරයන්ට ඇත්තේ එකම ධර්මයකි. එමෙන්ම, එම හේතුව නිසාම එය පරිපුර්ණ මෙන්ම ගැටුම් රහිත වේ.

එය බුදුන් ගේ ප්‍රබන්ධයක්‌ නොවන නිසා එක බුදු වරයකු ගෙන තවත් බුදු වරයකුට ධර්මය අංශු මාත්‍රයක් වත වෙනස් නොවේ. ධර්මය නිසා සංස්කාරයන්ගේ වත්, සංස්කාරයන් නිසා ධර්මයේ වත් කලින් කලට වෙනස්කම් ඇති නොවේ. ධර්මය යනු සංස්කාරයන් පිලිබද නිවැරදි දනිම පමණි.

මෙවන් ස්වභාවයක් තුල බුදුන්ගේ කාර්ය භාරය කිමෙක්ද? උන්වහන්සේලා ධර්මයේ පැවැත්මට කිසිම සම්බන්ධ කමක් නොදක්වන බැවින් බුදුන් වහන්සේලා කුමටද?

ධර්මය භාහිර ආහාරයක් නැතිව දකින්නේ බුදුවරුන් පමණි. උන්වහන්සේලාට ධර්මය අතැඹුලක් සේ අවබෝධ වේ. එමෙන්ම, යම් අයෙකුට භාහිර ආධාරයක් නැතිව ධර්මය දැකිය හැකිනම්, අතැඹුලක් සේ අවබෝධ වේ නම්, එම තැනැත්තා සම්මා සුම්බුද්ධ යන පදවිය ලබයි. වසර 2600 කට පෙර සිද්ධාර්ථ නම් රජ කුමරු මෙම අවබෝදය ලබාගෙන “ගෞතම” නමින් “සම්මා සම්බුද්ධ” පදවිය ලැබිය. අනාගතයේ දිනක තවත් පුද්ගලයෙක් ධර්මය අවබෝධ කරගෙන “මෛත්‍රී” නමින් “සම්මා සම්බුද්ධ” පදවිය ලබනු ඇත. එම පුද්ගලයා “විජේසිංහ කෙනෙකු, සචිතානන්දන් කෙනෙකු, භාරද්වාජ් කෙනෙකු, ප්‍රනාන්දු කෙනෙකු, ජෝන් කෙනෙකු හෝ මොහොමඩ් කෙනෙකු විය හැක.

ඉතින්, සත්වයෝ ධර්මය, දර්ශනය් හා ආගම පටලවාගෙන සම්මා සම්බුදු වරුන්ටවත්, ධර්මයටවත් එම මගෙහි ගමන කරන අයටත් කරන්නාවූ මෙම මහා අවමානය නිමාවකට පත්වෙත්වා යන්න අපගේ ඒකායන ප්‍රර්තනවයි.

තෙරුවන් සරණයි.

~~~~~~~~~~

නිසල ආලෝක බණ්ඩාර.

07 – The Heaven & Hell!!!

Well, I ask this question from a friend of mine, “do you believe in life after life?”, which he answered “Yes”. And I asked, “How do you know there’s a life after a life?” which he could not answer… Yes, non of us can answer that question. But, one way or another, in one level or another, we all are believing in a life after a life… In hell or heaven, with  gods or daemons…

This makes a second question, if there’s a hell, what it is looks like? and what’s actually going on there?  By the sound of it, the Hell is not looks good. and we all are afraid of it… Just for a moment, lets forget about the heaven and think about hell. Well, it’s been described in every religion or philosophy. and everywhere it is referred, it is the worst place to be. Anyone who go there get badly punished. Torturing, burning, starving, …, … for a prolonged period of time. Well, different people says different things, but for everyone, this hell is the place of all bad things. and we may go there…

And since this hell thing is a reality, who is going there? and what should we have done to get there?I believe no one is going there intentionally. So, this overwhelming question, “how is going there?” The answer you find from anywhere is “The Bad guys are going there!!!” Who are those bad guys? They are all those, who do harm to others, or themselves… Murderers, thieves, …, …  And I think you get the idea… Bad guys go to hell.

The heaven is the other side of this. People who do good, go to heaven. Heaven is the good place with all the luxury and comfort, the place which fulfills your every dreams… And people who helped others, supported innocent, goes there… this is clear… and it is said everywhere…

Then I have this question for you… If you get to hell or heaven, are you there eternally? till no end? or are you coming back as humans? Does the punishment in hell for some one ever ends?  or the glory of you in heaven ever ends??? I need an answer…

Well do you have an answer for me???